
ඔලිම්පික් සහයෝගිතා ක්‍රීඩා උසස් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සමත්වූවෝ ප්‍රධාන ආරාධිත අමුත්තන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙයවූ ඔලිම්පික් සහයෝගිතා උසස් කළමනාකරණ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨාලාව හැදෑරූ 19 දෙනකුට පසුගියදා ‘හේමසිරි ප්‍රනාන්දු’ ශ්‍රවණාගාරයේදී සහතිකපත් ප්රදානය කෙරිණ. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා සහභාගි විය. විශේෂ ආරාධිතයා වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරුද්ධ විජේකෝන් මහතාය.
සහතික පත්‍ර ප්‍රදානයට සහභාගි වූවන් අතර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාද වූහ.
පාඨමාලාව මෙහෙයවූ අධ්යක්ෂ බී.එල්.එච්. පෙරේරා මහතා ජය සංකේත ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් පැවැසුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය පිරිහීමට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව නිසි දැනුම ඇති උගතුන්ගේ අඩුව බවයි. මෙවැනි පාඨමාලා හඳුන්වාදීම ඊට විසඳුම බවත් බී.එල්.එච්. පෙරේරා මහතා කීවේය.
ඔලිම්පික් සහයෝගිතා ක්‍රීඩා උසස් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට සහභාගි වූවෝ
ලුතිනන් කොමදෝරු ඩී.එම්.ජේ.එම්. පිත්තු අබ්දල්ලා යුසුෆ්, ගිහාන් එම්. ඩයස්, රෙස්මින් මිහින් අමරසිංහ, සේනක රණසිංහ, අයිරාංගනී රූපසිංහ, ඩී.එස්. විතාරණ, දෙව්නි මධුරප්පෙරුම, ඉරෝෂිකා නාමසිංහ, ජේ.ඒ.එස්.ඩී. බණ්ඩාර, ලක්නා හරින්දි හේවාබරවිට, එම්.ජී.එම්. ලක්සාර, එම්.ටී.පී.එල්. පෙරේරා, උදේශිකා කෞශල්‍යා දන්තනාරායන, වී.එන්. රාජපක්ෂ, බලඝන නායක ලීලන්ගි රන්දෙණිය, වින්ග් කොමදෝරු එම්.ආර්.එම්. හම්සා, පී.කේ.එම්. ජයවර්ධන, හිතයිෂි ජයවර්ධන.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.