Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පංච පුද්ගල විනය කමිටුවක්

පංච පුද්ගල විනය කමිටුවක්

editorial - 2021 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ජෛව ආරක්‍ෂිත බුබුලේ නියමයන් උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව පැවැත්වීමට නියමිත විනය පරීක්‍ෂණය සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

එම පංච පුද්ගල කමිටුවේ සභාපතීවරයා ලෙස අජිත් වීරසිංහ මහතා පත්කර ඇති අතර නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන්, අනුර චන්ද්‍රසිරි සහ උවයිස් ලතීෆ් යන මහත්වරුන් සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත.

මෙම ක්‍රීඩකයන් තිදෙනා පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර මේ වනවිට ඔවුන් මීගමුවේ පිහිටි හෝටලයකදී දින 14 ක නිරෝධායනයකට ලක්කර ඇත. එම නිරෝධායන කාලසීමාව අවසන්වූ පසු ඔවුන්ව විනය පරීක්‍ෂණය සඳහා යොමු කරනු ඇත.

විනය පරීක්‍ෂණය අවසන් වන තෙක් ඔවුන්ට තාවකාලීක තරග තහනමක් පණවා ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව වන ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලියද ඔවුන්ට අහිමිව යනු ඇත.

- 2079


අදහස් (0)

පංච පුද්ගල විනය කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.