Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘සීතාවක - මිනිපුර හටන’ ක්‍රිකට් තරග 16 දා සිට

‘සීතාවක - මිනිපුර හටන’ ක්‍රිකට් තරග 16 දා සිට

ශනුක අරවින්ද - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙමාපිය සංගමය සංවිධානය කරන ‘සීතාවක - මිනිපුර හටන’ ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා සීතාවක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවුරුදු 13 න් පහළ, 15 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රුවන්වැල්ල රාජකීය විදුහල, ඇහැලියගොඩ මැදි විදුහල, රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල, රත්නපුර සීවලී මැදි විදුහල, රත්නපුර කුමර විදුහල සහ අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසල යන විදුහල් 6 නියෝජනය කරමින් කණ්ඩායම් 20 ක් සහභාගි වෙති.

සෑම වයස් කාණ්ඩයක් සඳහාම ‘ඒ’ සහ ‘බී’ ලෙස කොටස් දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ එම කොටස් දෙකේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් අත්කරගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

අවුරුදු 13 න් පහළ තරග සඳහා කණ්ඩායම් 8 ක් සහභාගිවන අතර ඉන් කණ්ඩායම් 4 ක්ම ඊට එක්ව සිටින්නේ සත්කාරක සීතාවක ජාතික පාසලෙනි. එම වයස් කාණ්ඩයේ ශූරයන්ට ‘අජිත් ලක්ෂ්මන් අභියෝග කුසලාන’ පිරිනැමීමට නියමිතය.

කණ්ඩායම් 6 බැගින් සහභාගීවන අවුරුදු 15 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ තරගාවලිවල  ශූරයන්ට පිළිවෙලින් ‘ටී.ජේ. ලංකා අභියෝග කුසලාන’ සහ ‘රණවීර කුරගලාරච්චි අභියෝග කුසලාන’ පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය
‘ඒ’ කාණ්ඩය : සීතාවක ජාතික පාසල් ‘ඒ’ කණ්ඩායම, සීතාවක ජාතික පාසල් ‘බී’ කණ්ඩායම, රුවන්වැල්ල රාජකීය විදුහල සහ ඇහැලියගොඩ මැදි විදුහල
‘බී’ කාණ්ඩය : සීතාවක ජාතික පාසල් ‘සී’ කණ්ඩායම, සීතාවක ජාතික පාසල් ‘ඩී’ කණ්ඩායම, රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල සහ රත්නපුර කුමර විදුහල

අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩය
‘ඒ’ කාණ්ඩය : රත්නපුර සීවලී මැදි විදුහල, රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල සහ රත්නපුර කුමර විදුහල
‘බී’ කාණ්ඩය : ඇහැලියගොඩ මැදි විදුහල, සීතාවක ජාතික පාසල සහ රුවන්වැල්ල රාජකීය විදුහල

අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය
‘ඒ’ කාණ්ඩය : සීතාවක ජාතික පාසල, රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල සහ රත්නපුර සීවලී මැදි විදුහල
‘බී’ කාණ්ඩය : රත්නපුර කුමර විදුහල, රුවන්වැල්ල රාජකීය විදුහල සහ ඇහැලියගොඩ මැදි විදුහල


අදහස් (0)

‘සීතාවක - මිනිපුර හටන’ ක්‍රිකට් තරග 16 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.