වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ ඊයේ (28 වැනිදා) පැවැති තරගයදී කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඩෙවින් පද්මනාදන් (83) සහ රජිත් ප්‍රියාන් (නොදැවී 51) අර්ධ ශතක ලබාගනිමින් සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 250
(අකිල් ඉන්හාම් 63, අදීශ තිලංචන 42, රංග කුරේ 41, සඳකැන් පතිරණ 23, ඩෙවින් පද්මනාදන් 55/3)
සිංගර් ශ්‍රී ලංකා - ඕවර 47.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 251
(ඩෙවින් පද්මනාදන් 83, රජිත් ප්‍රියාන් නොදැවී 51, සචින් ජාකොබ් නොදැවී 42, රවින් යසස් 28, සුරංග ශලින්ද 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.