ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපර් සන් ක්‍රීඩා සමාජය සහ ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය අතර කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව නිමාවට පත් විය.
සුපර් සන් ක්‍රීඩා සමාජයේ අෆීස් ඔලයෙමි 26 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර එම ක්‍රීඩා සමාජයේම එන්.ඒ. ද සිල්වා 17 වැනි මිනිත්තුවේදී තම දැල වෙතටම පන්දුව යොමු කිරීම නිසා ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයට ඕන් ගෝලයක් හිමිවිය.
මෙම තරගයේදී සුපර් සන් ක්‍රීඩා සමාජයේ එන්.ඒ. ද සිල්වා, අෆීස් ඔලයෙමි සහ එම්.එම්.එම්. ශස්නිද, ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ අමිත් කුමාරද කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.