Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුඛිත මනෝජ් වාසිය රඳවාගනී

සුඛිත මනෝජ් වාසිය රඳවාගනී

Nisanka Sandeepani - 2018 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) හයවැනි සතිය නිමාවන විට ඡන්ද 1337 ක් ලබා ගනිමින් තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ වාසිය රඳවාගනිමින් පෙරමුණ රැකගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් සමත්ව සිටියි. ගෙවීගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාවට අලුතින් ඡන්ද 221 ක් එක්කර ගැනීමට ඔහු සමත්වී ඇත.
 
සුඛිතට වඩා ඡන්ද 901 ක් පසුපසින් සිටින නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන, එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 111 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 436 කි.  
 
මහනුවර ත්‍රිත්ව විදුහලේ සහ ගාල්ල මහින්ද විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අභිෂේක් ආනන්ද සහ නවෝද් පරණවිතාන පිළිවෙලින් ඡන්ද 173 ක් සහ 151 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 
 
ඉකුත් සතියේදී නැගී එන කාණ්ඩයේ පෙරමුණට පැමිණි ගම්පහ ශාන්ත පීතර විදුහලේ විසල් රුක්ෂාන් මෙම සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 543 සිට 978  දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 227 ක් පසුපසින් සිටින නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ තරුෂ සඳරුවන් ඡන්ද 751 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 
 
තරගයට ඇතුළත් වූ සතියේදීම බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 43 ක් ලබා තවදුරටත් එම කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 34 ක් සමගින් එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය.
 
www.dialog.lk/cricket/register  යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.  
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 ඉමල්ෂා දිලානි, 487, රන්මුතුගල, කඩවත 
2 ඩී.ඩී.සී. පරණවිතාන, 240, අරුණෝදයගම, අක්මීමන 
3 රයන් මැතිව්, 248/ඩී, උඩකනම්පැල්ල, පූගොඩ 
4 ක්‍රිෂාන් අනන්දකුමාර්, 152, මාපනාවතුර පාර, මහනුවර 
 
-036 

අදහස් (0)

සුඛිත මනෝජ් වාසිය රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.