Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුඛිත මනෝජ් ඉදිරියටම යයි

සුඛිත මනෝජ් ඉදිරියටම යයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) තෙවැනි සතිය නිමාවන විට ඡන්ද 481 ක් ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් සමත්ව සිටියි.

සුඛිතට වඩා ඡන්ද 383 ක් පසුපසින් සිටින නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන ඡන්ද 98 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාවට අලුතින් ඡන්ද 295 ක් එක්කර ගැනීමට මනොජ් සමත්ව ඇති අතර එම සතිය තුළදී රසාංජනට හිමිව ඇත්තේ ඡන්ද 40 ක් පමණි.

මහනුවර ත්‍රිත්ව විදුහලේ සහ මීගමුව මාරිස්ටෙලා විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන අභිෂේක් ආනන්ද සහ රවිඳු ප්‍රනාන්දු පිළිවෙලින් ඡන්ද 82 ක් සහ 69 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

ගම්පහ ශාන්ත පීතර විදුහලේ තරුෂ සඳරුවන් ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 81 ත් සමග මුළු ඡන්ද 135 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 21 ක් ලබා බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නීය.  

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ තැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය.

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.  

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ

1 එච්.ඩී.පී. කිත්සිරි, ජය මාවත, පොල්පිතිමූකලාන, කඳාන
2 එම්.එච්. හම්ඩාන්, 171/1, පෙතිගේවල පාර, මඩිහේ, ගලගෙදර
3 ඉමල්ෂා විලානි, 487, රන්මුතුගල, කඩවත
4 ඉවෝන් වොෂිංග්ටන්, සී-7, ජී.-2, සොයිසාපුර මහල් නිවාස, මොරටුව

 

-036

 


අදහස් (0)

සුඛිත මනෝජ් ඉදිරියටම යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.