Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සය සාමාජික තරග 7-8-9

සය සාමාජික තරග 7-8-9

Nisanka Sandeepani - 2018 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 5 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායම් 21 ක් සහ සහ ‘බී’ කාණ්ඩයෙන් කණ්ඩායම් 48 ක් ලෙස කණ්ඩායම් 69 ක් තරගාවලිය සඳහා සහභාගී වීමට සූදානමින් සිටිති. 

‘ඒ’ කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  ‘බී’ කාණ්ඩයේ තරග වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, ශාන්ත ජෝසප් විදුහල, වෙස්ලි විදුහල සහ මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වේ. එදිනම සවස අවසන් මහා තරගද ඉන් අනතුරුව ත්‍යාග ප්‍රදානයද වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශූරතාවලිය සහ අනුශූරතාවලියට අමතරව කාණ්ඩ දෙකෙන්ම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ටද කුසලාන පිරිනැමේ. එක් එක් කාණ්ඩයේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, හයේ පහර වැඩිම සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාට හිමි සම්මානද පිරිනැමේ.

තරගාවලිය සඳහා සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය දෙවැනි වරටත් අනුග්‍රාහකත්වය දක්වයි. 

තරගාවලියට අනුග්‍රහය දැක්වීමේ චෙක්පත පසුගියදා වෙළඳ සේවා සංගම් මූලස්ථානයේදී වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතාවෙත බාර දුන් අවස්ථාව  

 
 

 


අදහස් (0)

සය සාමාජික තරග 7-8-9

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.