ශ්‍රී ලංකා ක්‍රිකට් ආ
යතනයේ තණතරු සැකසීමේ ජාතික නිලධාරියා ලෙස ඩී. ඒ. ජේ. සම්පත් මහතා නැවතත් පත්කර තිබේ. සම්පත් මහතා නව පත්වීම අනුව මේ මස 1 වැනිදා සිට තනතුරේ කටයුතු කරයි.
අනුරුද්ධ පොළොන්නෝවිට මහතා ජාතික තණතීරු සකසන නිලධාරී තනතුරෙන් ඉවත්වීමෙන් පසුව සම්පත් මහතා එම තනතුරේ කටයුතු කළ අතර 2015 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස්වීමෙන් පසුව ඒ මහතා තණතුරෙන් ඉවත් කරන ලදි. එම තනතුරේ ඉන් පසුව කටයුතු කළ ගොඞ්ෆ්‍රි දාබරේරා මහතා තව දුරටත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමණාකරු ලෙස පත්කර තිබේ.
පසුගිය ක්‍රිකට් පරිපාලනය යටතේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ඔට්ටු තබන්නන්ට අවශ්‍ය ආකාරයට සකස් කළ බවට ද චෝදනා එල්ල විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.