Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සඳකැන් එස්.එස්.සී ඉනිම ලකුණු 229 කට සීමාකරයි

සඳකැන් එස්.එස්.සී ඉනිම ලකුණු 229 කට සීමාකරයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සිංහල ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රීඩා සමාජය අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කිසිවකු නොදැවී ලකුණු 24 ක් රැස්කිරීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත ලකුණු 8 ක් සහ මාධව වර්ණපුර ලකුණු 16 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 229 කට සිමාකිරීමට ලක්ෂාන් සඳකැන් ඇතුලු පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 41 ක් ලබාගත් කෞෂාල් සිල්වා එස්.එස්.සී කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් ලකුණු 58 කට කඩුලු 6 ක් දවාගනිමින් එස්.එස්.සී ඉනිම සුනුවිසිනු කරදැමීමට සමත්විය. ළහිරු ගමගේ කඩුලු 2 ක් දවාගනිමින් සඳකැන්ට අනගි සහයක් ලබාදුන්නේය.

‘ඒ’ ශ්‍රේණියේ යටතේ තවත් තරග 5 ක් කටුනායක මේරියන්ස්, මග්ගොන සරේ, ආර්.ප්‍රේමදාස, එන්.සී.සී, කෝල්ට්ස් යන ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවූ අතර සියලුම තරග වර්ෂාව හේතුවෙන් කලින්ම අවසන් කිරීමට සිදුවිය.


එස්.එස්.සී පළමු ඉනිම - ඕවර 63 කදී සියලුදෙනා දැවී ලකුණු 229
(ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 41, සඳුන් වීරක්කොඩි 35, සම්මු අෂාන් 22, සචිත්‍ර සේනානායක 32, තරිඳු රත්නායක නොදැවී 20, ලක්ෂාන් සඳකැන් 58/6, ළහිරු ගමගේ 27/2)

සී.සී.සී පළමු ඉනිම - ඕවර 10.1 කදී කිසිවකු නොදැවී ලකුණු 24

 

හලාවත මේරියන්ස් සහ ද්‍රවිඩ සංගමය අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී


හලාවත මේරියන්ස් 210, ද්‍රවිඩ සංගමය 31/2

හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(හර්ෂ කුරේ 68, යශෝධ ලංකා 48, තික්ෂිල ද සිල්වා 28, ඉමේෂ් විමුක්ති 28, රමිත් රඹුක්වැල්ල 54/5)
ද්‍රවිඩ සංගමය  පළමු ඉනිම - ඕවර 13 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 31


බදුරලිය සහ බී.ආර්.සී අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

බදුරලිය කඩුලු 9 කට ලකුණු 244

බදුරලිය පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 244
(නදීර නාවල 57, සුබ්‍රමනියම් ආනන්ද් 65, කෝසල කුලසේකර නොදැවී 23, සචිත් පතිරණ 38, මොහොමඞ් ශිරාස් 40/4, හෂේන් රාමනායක 26/2, දුවිඳු තිලකරත්න 53/2)


වරාය අධිකාරිය සහ මූවර්ස් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

මූවර්ස් කඩුලු 4 කට ලකුණු 144

මූවර්ස් පළමු ඉනිම - ඕවර 51.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 144
(ඉරෝෂ් සමරසූරිය 51, පබසර වඩුගේ 42, අදීෂ තිලංචන 20, චමින්ද බණ්ඩාර 33/2)


රාගම සහ එන්.සී.සී අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී කඩුලු 5 කට ලකුණු 124

එන්.සී.සී පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 124
(මහේල උඩවත්ත 24, ඇන්ජලෝ පෙරේරා නොදැවී 36, චාමික කරුණාරත්න නොදැවී 23, නිෂාන් පිරීස් 31/2)


කොල්ට්ස් සහ සැරසන්ස් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් කඩුලු 5 කට ලකුණු 170

සැරසන්ස් පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 170
(මිලින්ද සිරිවර්ධන 70, අෂේන් බණ්ඩාර නොදැවී 63, කවිශ්ක අංජුල 21/3)

 


අදහස් (0)

සඳකැන් එස්.එස්.සී ඉනිම ලකුණු 229 කට සීමාකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.