ලෝක කුසලාන තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම හොදින් සූදානමම් බවත්, තරගයෙන් තරගය ජයග‍්‍රහණය කරා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේය.
තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සැලසුම් පිළිබදව කළ විමසුමකට ප‍්‍රතිචාර දක්වමින් එ් මහතා මෙම අදහසක් දැක්වීය.
"කට්ටියම හොදට සූදානම් කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඔක්කොම හොදින් තියෙනවා. දැන් තියෙන්නේ මැච් එකට ගිහින් අපේ උපරිමය ගේන එකයි. අපි උපරිම හොදින් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. නවසීලන්තයට එරෙහිව අවසානයට තිබුණු තරගය අපි ජය ගත්තා. අපිට බය වෙන්න දෙයක් නෑ. අපි තරගයෙන් තරගය සැලසුමක් අනුව යනවා . තරගයෙන් තරගය දිනාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ” යනුවෙන් ඔහු සදහන් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (12 වැනිදා) විවේකයෙන් පසුවූ අතර කණ්ඩායම තරගාවලියට පෙරාතුව එක්වන අවසන් පුහුණු සැසියට අද පෙරවරුවේ එක්වීමට නියමිතය.
කෙසේ වෙතත් පළමු තරගයට එක්වන 11 දෙනා පිළිබදව ඊයේ වනවිට අවසන් තීරණයක් ගෙන නොතිබුණු බවත් කළමනාකාරවරයා දන්වා සිටියේය.
පුහුණු තරග දෙකේ ප‍්‍රතිඵලය පිළිබඳව කණ්ඩායම එතරම් තැකීමක් නොකරන බවත් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාද කණ්ඩායම හා සිටින බවත් මයිකල් ද සොයිසා මහතා පැවසීය.
"කවුද තරයට සෙල්ලම් කරන්නේ කියල තීරණයක් අරගෙන නෑ. පුහුණු තරග දෙකේදීම 15 දෙනාම සෙල්ලම් කළා. ගොඩාක් පිතිකරණයේ යෙදුණා. ඒ වගේම පන්දුයවන්නන් සැමදෙනාම මාරුවෙන් මාරුවට යොදා ගත්තා. අන්තිම තරග දෙකේදී ඇන්ජලෝ සහ ඩිල්ෂාන් බැට් කළේ නෑ. ඒ දෙන්නා නැතිව අපි ලකුණු 280 විතර ලබා ගත්තා. ඒ දෙන්නාත් හිටියානම් අපි ලකුණූ 300 සීමාව පසු කරනවා. පුහුණු තරග අපි වැඩිය ගණන් ගන්නේ නෑ. ඒවා එහෙම තමයි.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.