Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිශ්ක ප‍්‍රනාන්දුගේ විශිෂ්ට පිතිහරඹය නිසා සිංගර් කුසලාන, අන්තර් පාසල් 17 න් පහළ (I වැනි කොටසේ) තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පානදුර ශී‍්‍ර සුමංගල විදුහල කඩුලූ 8 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. ශාන්ත සෙබස්තියන් විදුහල පසුගිය වසරේදී මෙම තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමද වෙයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර සුමංගල විදුහල් කණ්ඩායම  ඕවර 49.1 කදී ලකුණු 189 ක් ලබාගත්තේය. පන්දු 130 කට මුහුණ දුන් අවිශ්ක ප‍්‍රනාන්දු හතරේ පහර 17 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් ලබාගනිමින් ශාන්ත සෙබස්තියන් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

අවිශ්කට අගනා සහයක් දුන් මලින්ත පීරිස් නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් දෙදෙනා අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 161 කි. මෙම තරගය මග්ගොන සරේ  ඕවල් පිටියේදී පැවැත්විණ.

තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් රිච්මන්ඞ් සහ ලූම්බිණි විදුහල් අතර අනිද්දා (14 වැනිදා) මග්ගොන සරේ පිටියේදී පැවැත්වෙන අතර එම තරගයේ ජයග‍්‍රාහකයන් සහ ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

ශී‍්‍ර සුමංගල විදුහල - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 189
(සමිත් යසන්ත 48, හේෂාන් ධනුෂ්ක 40, නදිරු රුක්ෂාන් 34, හරිත් ලක්ෂාන් 22, නිමේෂ් බණ්ඩාර 17/2, මෙවන් මුහන්දිරම්ගේ 49/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 42.2 කදී කඩුලූ 2 ට 191
(අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 108, මලින්ත පීරිස් නොදැවී 56, ඉසුරු මලින්ත 33/2)


අදහස් (0)

ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.