‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඊයේ (10 වැනිදා) සමත්විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4 කින් පරාජය කිරීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සුකිත් ප්‍රසන්න (60) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සසික පෙරේරා ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සා.තෝමස් විදුහල - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 143
(මනීශ රූපසිංහ 35, ඩියොන් ප්‍රනාන්දු 27, මොහොමඞ් ඉසාක් 27, ශමයික වික්‍රමතිලක 20, සසික පෙරේරා 16/4, ජනිෂ්ක පෙරේරා 15/2, නදීර ප්‍රනාන්දු 35/2)
ශා.සෙබස්තියන් විදුහල - ඕවර 41 කදී කඩුලු 4 ක් දැවී 147
(සුකිත් ප්‍රසන්න 60, ජනිෂ්ක පෙරේරා නොදැවී 38, දිල්මින් රත්නායක 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.