ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්වේ අද (24) පැවැති මූලික වටයේ තරගකදී හොං කොං කණ්ඩායමට එරෙහිව ගෝල 4-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ලැබූ පළමු ජය ලෙස එය සටහන් විය.
එහිදී සඳරුවන් ප්‍රියලංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල 2 ක් ලබාගත් අතර අනුරාධ සුරේෂ් ගෝලයක් ලබාගනිමින්ද, ළහිරු ගිහාන් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.
‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාව මින් පෙර පැවැති තරග වලදී ජපානය හමුවේ ගෝල 11-0 ක් ලෙසද, කොරියාව හමුවේ ගෝල 8-0 ක් ලෙසද පරාජයට පත් විය.
මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගිවන මීලඟ තරග දෙක 26 වැනිදා සත්කාරක ඉන්දුනීසියාවට එරෙහිවද, 28 වැනිදා ඉන්දියාවට එරෙහිවද පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.