Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා වොලිබෝල් පිල චීනයට පරදී

ශ්‍රී ලංකා වොලිබෝල් පිල චීනයට පරදී

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් ඉසව්වේ මූලික වටයේ අද (25 වැනිදා) පැවති තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාව එහිදී චීනය හමුවේ වට 3-1 ක් ලෙස පරාජයට පත් විය.

ලකුණු 25/15 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට චීනය සමත් වූ අතර දෙවැනි වටයේදී ලකුණු 25/20 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, වට 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත්කළේය. කෙසේ වුවත් තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 25/14 සහ 25/17 ක් ලෙස ජයගත් චීනය සමස්ත තරගයෙන් වට 3-1 ක ජයක් ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිඳු මෙත්මාල් ලකුණු 51 ක්ද, ජනිත සුරත් ලකුණු 38 ක්ද, දීප්ති රොමේෂ් ලකුණු 38 ක්ද, වසන්ත ලක්මාල් ලකුණු 35 ක්ද, ශමිල් මලින්ද ලකුණු 25 ක්ද බැගින් රැස්කළහ.

‘ඊ’ කාණ්ඩය යටතේ තරගාවලිට එක් වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් එක් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් විය.


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිල චීනයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.