ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි ඉසව්වේ අද (21 වැනිදා) පැවැති මූලික වටයේ තරග දෙකකදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම බංග්ලාදේශය හමුවේද, කාන්තා කණ්ඩායම ඉන්දියාව හමුවේද පරාජයට පත් වූහ.
ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 29-25 ක් ලෙස ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පරාජය කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූ අතර ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත් වූයේ ලකුණු 38-12 ක් ලෙසිනි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේදී සහභාගි වූ අවසන් තරගය මෙය වූ අතර මින් පෙර පැවැති තරග 3 දී ඔවුහු ජයග්‍රහණ 2 ක් සහ එක් පරාජයක් ලබා සිටියහ.
මේ දක්වා පැවැති තරගවලදි එක් ජයග්‍රහණයක් සහ පරාජයන් 2 ක් ලබා සිටින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, මූලික වටය යටතේ සහභාගි වන අවසන් තරගය අනිද්දා (23 වැනිදා) කොරියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.