ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දැන් පැවැත්වෙන ශ්රව්යබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඊයේ (28) ගුර්ගඕන්හිදී පැවැති තරගයේදී ශ්රී ලංකා ශ්රව්යබාධිත ක්රිකට් පිල කඩුලු 3 කින් දකුණු අප්රිකානු ශ්රව්යබාධිත ක්රිකට් පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීය.
ශ්රී ලංකා පිල පළමු වටයේ සහභාගි වන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව අද (29) පැවැත්වේ.
මෙම තරගයේදී ද ශ්රී ලංකා පිලේ ජයග්රහණයේ නියමුවා වූ නායක ගිමඳු ලක්රූ පන්දු 27 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 42 ක් රැස්ක්රීමට සමත් විය. ලක්රූ පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලු 3 ක් දවා ගත්තේය.
ඇලන්රෝස් කලීප් පන්දු 31 කින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
දකුණු අප්රිකානු ශ්රව්යබාධිත ක්රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 8 ට 154
(ආර්. ලිම්බාච් 46, ජී. ක්රොසේ 18, ආර්. කුමාලෝ 18, කොලින් වෙන්ටර් 36, ඇලන්රෝස් කලීප් 33/2, ගිමඳු ලක්රූ 23/3, සුමුදු ලක්මාල් 31/2)
ශ්රී ලංකා ශ්රව්යබාධිත ක්රිකට් කණ්ඩායම ඕවර 19.2 කදී කඩුලු 7 ට 155
(ගිමඳු ලක්රූ 42, ඇලන්රෝස් කලීප් 44, රජිත අසංක 28, සම්පත් ජයසිංහ නොදැවී 20, කොලින් වෙන්ටර් 29/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.