Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ආසියානු පදක්කම් 4 ක්

ශ්‍රී ලංකාවට ආසියානු පදක්කම් 4 ක්

Nisanka Sandeepani - 2018 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැංජින් විශ්ව විද්‍යාල අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන පළමු ආසියානු වූෂූ කුංග්ෆූ ශූරතා තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

අද (29 වැනිදා) පැවැති තරගවලදී ෂිංයිවුවාන් ඉසව්වෙන් තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉසව්වේ පදක්කම් 3 ටම හිමිකම් කීහ. එහිදී බිම්සර වික්‍රමසිංහ රන් පදක්කමද, නිසංජය විදානාරච්චි රිදී පදක්කමද, පූර්ණ දේෂාන් ලෝකඩ පදක්කමද දිනාගත්හ. 

නැං චුවාන් ඉසව්ව යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ හසාර ජීවජිත් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත් අතර එහි රන් පදක්කම දිනාගැනීමට හොං කොංහි නාන් ලොක් මෑන්ද, රිදී පදක්කම හිමිකර ගැනීමට චීන තායිපේහි චෙන් යාඹ් සෝද සමත් වූහ. 

ශ්‍රී ලංකාවට අමතරව මෙම තරගාවලිය සඳහා වූෂූ ක්‍රීඩාවේ දැවැන්තයන් වන චීනය, හොං කොං සහ මැකාවෝ ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වී සිටිති. 

-036


අදහස් (0)

ශ්‍රී ලංකාවට ආසියානු පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.