ජනසතු සේවා පාපන්දු සංගමය සංවිධානය කරන ජනසතු සේවා පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම සමත් විය.
කැලණියේ පැවැති අවසන් පූර්ව තරගයකදී වරාය අධිකාරි කණ්ඩායම ගෝල 3-x0 කින් පරාජය කරමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ ලංකා ගමනාගමන කණ්ඩායම අතර අවසන් මහ තරගය පෙබරවාරි මස 10 වැනිදා කොළඹ සිටි ලීග් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ලංකා ගමනාගමන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ලංකා ලූණු සංස්ථා කණ්ඩායම පරාජය කරමිනි.
ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම 2012 වසරේ සිට මේ දක්වා පැවැති සෑම ජනසතු සේවා පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියකම ශූරයින් බවට පත්ව තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.