වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාව හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (03 වැනිදා) සමත්විය. වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ඕවර 15 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90 ක් පමණි.
ජෙහාන් ඩැනියල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 11 කදී ලකුණු 22 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඉෂාන් ජයරත්න අටවැනි කඩුල්ල සඳහා විකුම් සංජය සමගින් පන්දු 24 කදී ලකුණු 29 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු කොමර්ෂල් ක්‍රෙඩිට් ඉනිම ගොඩනැගීමට උත්සහ දැරීය.
ඉෂාන් ජයරත්න පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක් රැස්කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. විකුම් සංජය පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්විය.
ධම්මික ප්‍රසාද් කඩුලු 3 ක් ද, තිලකරත්න ඩිල්ෂාන් සහ නිපුන් රංසික කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 91 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා පිල ඕවර 15.1 කදී කඩුලු 9 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
අවසන් පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නිපුන් රංසික පන්දු 6 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 14 ක් රැස්කරමින් මාස් යුනිචෙලා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ධම්මික ප්‍රසාද් සහ නිපුන් රංසික එක්ව අවසන් කඩුල්ල සඳහා පන්දු 11 කදී ලකුණු 17 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ඉෂාන් ජයරත්න සහ සචින් පිරීස් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද මාස් යුනිචෙලා පිලේ ජයග්‍රහණය වැලැක්වීමට ඔවුන් අපොහොසත් වූහ.
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 15 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(ඉෂාන් ජයරත්න 28, විකුම් සංජය 25, දම්මික ප්‍රසාද් 20/3, තිලකරත්න ඩිල්ශාන් 08/2, නිපුන් රංසික 18/2)
මාස් යුනිචෙලා - ඕවර 15.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 92
(තිලකරත්න සම්පත් 12, තිලකරත්න ඩිල්ශාන් 17, රමිත රඹුක්වැල්ල 16, නිපුන් රංසික නොදැවී 14, සචින්ත පිරීස් 15/3, ඉෂාන් ජයරත්න 24/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.