Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් පරිපාලන ලේකම් සමුගනී‍

වොලිබෝල් පරිපාලන ලේකම් සමුගනී‍

editorial - 2021 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන පරිපාලන ලේකම් ලෙස කටයුතු කළ ඈෂ්ලි ආබෲ මහතා  අද  අභාවප්‍රාප්ත විය . 2006 වසරේ වොලිබෝල් සම්මේලනයේ පරිපාලන ලේකම් ලෙස කටයුතු ආරම්භ කළ ආබෘෘ මහතා අද වන තුරු එම තනතුරෙහි ඉමහත් කැපවීමෙන් කටයුතු කල අයෙකි. 

වොලිබෝල් සම්මේලනයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ඔහු තුළ හසල දැනුමක් තිබූ අතර ඒ සඳහා ඔහු විසින් විශාල දායකත්වයක් දෙන ලදී. 

වොලිබෝල් ක්‍රීඩකයෙකු නොවුණද, දක්ෂ මළල ක්‍රීඩා පුහුණුකරුවෙකු මෙන් ම මළල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට සිය දායකත්වය දුන්නේය.  වෙළද සේවා මළල ක්‍රීඩා තරගාවලිය පවත්වාගෙන යමින් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වී තිබෙන්නේ ද අතීතයේ දී ඔහුගේ කැපවීම හා දායකත්වය නිසා බව මලල ක්‍රීඩා ප්‍රවීණයෝ කියති 
 


අදහස් (0)

වොලිබෝල් පරිපාලන ලේකම් සමුගනී‍

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.