Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් කාන්තා රන් පදක්කම ඇමරිකාවට

වොලිබෝල් කාන්තා රන් පදක්කම ඇමරිකාවට

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාව අද (8 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස බ්‍රසීලය පරාජය කරමින් ඇමරිකාව එම පදක්කමට හිමිකම් කීවේය.

ලකුණු 25/21 ක් ලෙස පළමු වටය ජයගත් ඇමරිකාව, පිළිවෙලින් ලකුණු 25/20 ක් සහ 25/14 ක් ලෙස දෙවැනි සහ තෙවැනි වටද ජයගනිමින් වට 3-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ඒ අනුව බ්‍රසීලයට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

පළමු අවසන් පූර්ව තරගයේදී සර්බියාවට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමින් ඇමරිකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. බ්‍රසීලය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොරියාවට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමිනි.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ කොරියාව සහ සර්බියාව අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයද අද පැවැත්විණ. එම තරගයෙන් වට 3-0 ක ජයක් ලැබූ සර්බියාව වොලිබෝල් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය‍.
 


-036


අදහස් (0)

වොලිබෝල් කාන්තා රන් පදක්කම ඇමරිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.