Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි අ.අ.පූර්ව වටයට එයි

වෙස්ලි අ.අ.පූර්ව වටයට එයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය.

කටුනේරිය සෙබස්තියන් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් වෙස්ලි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

වෙස්ලි විදුහලේ ජේසන් ද සිල්වා නොදැවී ලකුණු 114 ක් රැස්කළ අතර සමෝද් ඇතුළත්මුදලි (88), සෙනිත් වික‍්‍රමනායක (85) සහ හේලිත බඹරඳ (නොදැවී 55) අර්ධ ශතක ලබාගත්හ.


සෙබස්තියන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 264
(සෙෂාන් මුබාරක් 53, අෂේන් චාරුක 50, සමිත් දිල්ෂාන් 36, රිෂාන් රන්මල් 22, ඇන්ඩෘ පාරිස් 80/5, යොමේෂ් රණසිංහ 53/3)

වෙස්ලි විදුහල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 448
(සමෝද් ඇතුළත්මුදලි 88, සෙනිත් වික‍්‍රමනායක 85, තිසුරක අක්මීමන 34, තිළිණ පෙරේරා 33, ජේසන් ද සිල්වා නොදැවී 114, හේලිත බඹරඳ නොදැවී 55, චානුක රාජපක්ෂ 85/2)

 


අදහස් (0)

වෙස්ලි අ.අ.පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.