Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචිය හෙට (24) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් ලිපිනය (www.srilankacricket.lk) ඔස්සේ ලබන මස (ඔක්තෝබර්) 5 වැනිදා දවල් 12.00 වන තෙක් විදෙස් ක්‍රීඩකයන්ට දෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.
සියලුම ලියාපදිංචි ක්‍රීඩකයින් ඔවුන්ගේ සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කරනු ලැබේ.
එල්.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළු වන විදෙස් ක්‍රීඩකයින් තම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම, පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම හෝ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයන් වන ක්‍රිකට් ආයතන සංවිධානය කරන ප්‍රධාන විස්සයි20 තරගාවලි පදනම් කරගත් ක්‍රිකට් ක්‍රීඩාවකට සහභාගී වී තිබිය යුතුය. එමෙන්ම අදාළ ක්‍රිකට් ආයතන විසින් ද එම ක්‍රීඩකයන් පිළිගත යුතුය.
පසුගිය ජුලි 30 සිට අගෝස්තු 22 දක්වා දක්වා තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර සිටියද රට තුළ කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. නමුත් තරගාවලිය දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් පවතී.
කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් 20 ක් ඇතුළත් කෙරේ. ඉන් ක්‍රීඩකයන් 14 ක් දේශීය ක්‍රීඩකයන් වන අතර විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකුද කණ්ඩායමකට ඇතුළත් කළ හැකිය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.