Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ව්‍යාපාර කළමණාකරන පාසල අවසන් තරගයට

ව්‍යාපාර කළමණාකරන පාසල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල සහ පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය අතර පැවැති කඩයිම් තරගය කඩුලු 8 කික් ජය ගැනීමට ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කරච්චි විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරිමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 43 කදී ලකුණු 53 ක් රැස්කිරීමට ආර්සලන් ෆර්සාන්ඞ් සමත්වූ අතර ඔහුට අනගි සහයක් දැක්වූ කුරාම් ශසාඞ් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය. සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායමේ පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන්හ.

චාමික කරුණාරත්න සහ ජනිත් ලියනගේ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම ඕවර 17.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ පසිඳු ලක්ෂන්ක පන්දු 60 කදී ලකුණු 75 ක් රැස්කරමින් ව්‍යාපාර කළමණාකරන පාසල පිල අවසන් තරගය සඳහා රැගෙන යාමට සමත්විය. ලක්ෂන්කගේ ඉනිම හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් අලංකාර විය.

හෂාන් දුමිඳු සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 71 කදී ලකුණු 80 සම්බන්ධතාවයක් ගොඩනැගූ පසිඳු ලක්ෂන්ක තෙවැනි කඩුල්ල සඳහා ජනිත් ලියනගේ (නොදැවී 19) සමගින් එක්ව පන්දු 33 කදී තවත් ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම සහ ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අතර අවසන් තරගය හෙට (29 වැනිදා) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පස්වරු 1.30 ආරම්භවේ.


පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 142
(කුරාම් ශසාඞ් 34, ආර්සලන් ෆර්සාන්ඞ් 53, චාමික කරුණාරත්න 26/2, ජනිත් ලියනගේ 33/2)

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල - ඕවර 17.3 කදී කඩුලු 2 ක් දැවී 143
(හෂාන් දුමිඳු 35, පසිඳු ලක්ෂන්ක නොදැවී 75)

 


අදහස් (0)

ව්‍යාපාර කළමණාකරන පාසල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.