Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ව්‍යාපාර කළමණාකරන පාසලට කඩුලු 7 ක ජයක්

ව්‍යාපාර කළමණාකරන පාසලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කරමින් අද (23 වැනිදා) පැවැති පළමු තරගයේදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාල පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල (බී.එම්.එස්) සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනිත් ලියනගේගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාල පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95 ක් පමණි. ඕවර 3.1 කදී ලකුණු 6 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ජනිත් ලියනගේ සමත්වූ අතර කොෂාන් ධනුෂ්ක ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 96 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල ඕවර 9.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ මදුෂාන් රවිචන්ද්‍රකුමාර් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය.

තවත් තරග 2 ක් එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදි බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය පිලට එරෙහිව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයත්, සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 92 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලයත් සමත්විය.

ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඕම්කාර් ඛට්පේ පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් සහ රොහින් ඩම්ලේ ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් දස්කම් දැක්වූහ.

පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය වෙනුවෙන් අබ්දුර් රහ්මන් පන්දු 43 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 53 ක් සහ මොහොමඞ් අලී ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් දස්කම් දැක්වූහ.


ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
එක්සත් අරාබී එමීර් රාජ්‍යය - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී 95

(මෙහෙදි අසාරියා 25, රාම් නාරායන් 22, ජනිත් ලියනගේ 06/4, කොෂාන් ධනුෂ්ක 16/2)
ශ්‍රී ලංකාව - ඕවර 9.3 කදී කඩුලු 3 ක් දැවී 98
(මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 44)


ඉන්දියාවට ලකුණු 26 ක ජයක්
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 181
(මුර්තාසා ශබීර් 35, ඕම්කාර් ඛට්පේ නොදැවී 61, පරාස් ගවාලී 20, අරිෆු්ර් රාහ්මන් 24/2)

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 155
(සබිට් හුසේන් 20, ඉන්සමාම් උල් හක් 24, රොහින් ඩම්ලේ 16/4, ශුභාම් ටයිස්වාල් 23/2)


පාකිස්තානයට ලකුණු 92 ක ජයක්
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 183
(අබ්දුර් රහ්මන් 53, අර්සලන් ෆර්සාඞ් 37, හම්සා කාඩිර් නොදැවී 22)

සිම්බාබ්වේ - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී 91
(ශඩෙක් සූලූ 24, අනෙලේ න්වෙන්යා නොදැවී 25, මොහොමඞ් අලී 20/4)

 


අදහස් (0)

ව්‍යාපාර කළමණාකරන පාසලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.