Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ව්‍යාපාර කළමණාකරණ පාසල කඩුලු 6 කින් ජයගනී

ව්‍යාපාර කළමණාකරණ පාසල කඩුලු 6 කින් ජයගනී

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල ඊයේ (25 වැනිදා) සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් බංග්ලාදේශ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සබිට් හුසේන් (50) පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගත්තේය.

සබිට් හුසේන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඉන්සමාම් උල් හක් (33) පස්වැනි කඩුල්ල සඳහා මරාජ් නිලෝයී (26) සමගින් එක්ව තවත් ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ශ්‍රී ලංකා නායකයා විසින් පන්දු යවන්නන් හත්දෙනෙකු යොදාගත් අතර එහිදී ප්‍රමෝද් මදුශාන් එක් නිලකුණු ඕවරයක් සමගින් සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 18.2 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ හෂාන් දුමිඳු පන්දු 43 කදී නොදැවී ලකුණු 66 ක් රැස්කළ අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

දෙවැනි කඩුල්ල සඳහා පසිඳු ලක්ෂන්ක සමගින් එක්ව ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හෂාන් දුමිඳු සිවුවැනි කඩුල්ල සඳහා ජනිත් ලියනගේ සමගින් එක්ව ලකුණු 53 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

මබුබුර් රහ්මන් සිය ඕවර 4 ලකුණු 15 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් පිල හෙට (26 වැනිදා) සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලය සමගින්ද, අනිද්දා (27 වැනිදා) පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය සමගින්ද තරග වැදීමට නියමිතව ඇත.

තවත් තරග 2 ක් එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදි පැවැති අතර එහිදී පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය කඩුලු 6 කින් පරාජය කිරීමට ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය සමත්වූ අතර සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය සමත්විය.

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සයිඞ් ෆයිසාන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 22 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.

බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 142
(ඉන්සමාම් උල් හක් 33, සබිට් හුසේන් 50, මරාජ් නිලෝයී 26, ප්‍රමෝද් මදුශාන් 27/3)

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරණ පාසල - ඕවර 18.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 147
(පසිඳු ලක්ෂන්ක 30, හෂාන් දුමිඳු නොදැවී 66, ජනිත් ලියනගේ 22, මබුබුර් රහ්මන් 15/2)

පූනේ එම්.එම්.සී.සී. පිලට කඩුලු 6 ක ජයක්

පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය - ඕවර 9 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 109
(මුහම්මද් අසාද් 20, අර්සලන් ෆර්සාන්ඞ් නොදැවී 21, හම්සා කදීර් 20, පියුස් සල්වී 21/2, දිව්‍යාංග් හිංගේකාර් 23/2)

ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. කණ්ඩායම - ඕවර 8.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 110
(යෂ් නාහර් නොදැවී 42, දිව්‍යාංග් හිංගේකාර් නොදැවී 22, කුරාම් ශාසාඞ් 16/2)

හැරියට් වොට් විශ්ව විද්‍යාලයට කඩුලු 3 ක ජයක්

සිම්බාබ්වේහි විද්‍යා සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලය - ඕවර 16 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 120
(තන්ඩසෝ මෝයෝ 44, සිංගයේ ලොංග්වා 29, කරන් අචුටානන්ද් 13/2)

ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය - ඕවර 13.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 122
(සයිඞ් ෆයිසාන් 65, අනේලේ වෙන්යා 9/3, ටවන්ඩා චරුම්බිරා 12/2)


අදහස් (0)

ව්‍යාපාර කළමණාකරණ පාසල කඩුලු 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.