Last Update  :  2026-04-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ශූරතා පංච ප්‍රයාම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ඊජිප්තුවට

ලෝක ශූරතා පංච ප්‍රයාම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ඊජිප්තුවට

editorial - 2026 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ඊජිප්තුවේ කයිරෝ නුවරදී හෙට (8) ආරම්භ වන ලෝක ශූරතා නූතන පංච ප්‍රයාම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (6) දිවයිනෙන් පිටත්ව ගියේය.ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් හා ක්‍රීඩකයෙක් නිර්දේශ ලබා සිටිති. තරගාවලිය හෙට සිට ලබන ඉරිදා (12) දක්වා එහිදී පැවැත්වේ.

මෙම  ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ.ශ්‍රී ලංකාව නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව හදුනා ගෙන වසර අටක් වැනි කෙටි කාලයකදී ලෝක ශූරතා තරගාවලියට නිර්දේෂ ලබා ගැනීම සුවිශේෂී අවස්ථාවක් බවත් පැවැති ආසියානු ශූරතා තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට ශ්‍රී ලංකාවට අවස්ථාව විවර කර දුන් බවත් ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිෂාන්ත පියසේන මහතා පවසයි.

එම සම්මේලනය ජාතික ඔලිම්පික් කමිටුවේ යාවජීව සාමාජික ජාතික ක්‍රීඩා සංගමකි.

ඉසිවරුණ ඕෂධ ද සිල්වා,සචිනි නිසංසලා රත්නතිලක, ගයානි කුමුදු කුමාරි දසනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ඉරෝෂන් සම්පත් කුමාර මහතා කටයුතු කරයි.

ලෝක නූතන පංච ප්‍රයාම සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබීය. නූතන පංච ප්‍රයාම ක්‍රීඩාවට කඩු හරඹ, පිහිනුම්, බාධක දිවීම, ඉලක්කයට වෙඩි තැබීම, ධාවනය යන ඉසව් පහක බහුකාර්ය දක්ෂතාවය, විඳ දරා ගැනීමේ හැකියාව සහ මානසික ශක්තිය විදහා දැක්වීම සිදු කෙරේ. තරග සංචාරය සාර්ථක කර ගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් අනුග්‍රහය පිළිබදව නිශාන්ත පියසේන මහතා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට කෘතගුණතාව පළ කරයි.


අදහස් (0)

ලෝක ශූරතා පංච ප්‍රයාම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ඊජිප්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.