Last Update  :  2025-11-21 11:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජ්‍ය සේවා වොලිබෝල් තරග දෙසැම්බර් 2 - 3

රාජ්‍ය සේවා වොලිබෝල් තරග දෙසැම්බර් 2 - 3

editorial - 2025 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලිය එළබෙන දෙසැම්බර් මස 2 සහ 3 යන දිනවල ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

කාණ්ඩ 7 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී විවෘත පිරිමි, විවෘත කාන්තා, ආධුනික පිරිමි, ආධුනික කාන්තා, වයස අවුරුදු 35 න් ඉහළ කාන්තා, වයස අවුරුදු 40 ත් 49 ත් අතර පිරිමි, සහ වයස අවුරුදු 50 න් ඉහළ පිරිමි යන කාණ්ඩ යටතේ තරග පැවැත්වෙනු ඇත. 

තරගාවලිය සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්හට සහභාගී විය හැකි අතර ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම මෙම මස 24 වැනිදායින් නිමාවට පත්වේ. තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු 071-4487297 දුරකතන අංකය ඔස්සේ සුමිත් ප්‍රියන්ද මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. 

 


අදහස් (0)

රාජ්‍ය සේවා වොලිබෝල් තරග දෙසැම්බර් 2 - 3

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.