අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ රනුක මල්ලවාරච්චි නොදැවී ලකුණු 100 ක් රැස්කළ අතර එම විදුහලේම අනුෂ් පොලොන්නෝවිට ලකුණු 15 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 98
(ඉනේෂ් දුලාජන 53, අනුෂ් පොලොන්නෝවිට 10/5, දම්සිත් ජයසූරිය 23/2)
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලු 6 ක් දැවී 211
(රනුක මල්ලවාරච්චි නොදැවී 100, ගවීන් දම්සිත් 29, අනුෂ් පොලොන්නෝවිට 20, ඩේමියන් ප්‍රසන්න 51/3,
ඩොමිනික් ප්‍රනාන්දු 65/2)
ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 4 ක් දැවී 10
(අනුෂ් පොලොන්නෝවිට 05/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.