අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ හම්බන්තොට දෙබරවැව ජාතික පාසල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 129 ක ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ පසිඳු සූරියබණ්ඩාර (77) සහ කවිඳු මඳුරසිංහ (නොදැවී 76) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම කෞෂාන් කෞෂල්‍ය ලකුණු 26 කට කඩුලු 6 ක්ද, තරුෂ රවින්ද්‍ර ලකුණු 25 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 81.2 කදී කඩුලු 6 ක් දැවී 293
(පසිඳු සූරියබණ්ඩාර 77, කවිඳු මඳුරසිංහ නොදැවී 76, අෂාන් වික්‍රමසිංහ 45, ඊෂවර දිසානායක 37, ඉෂාන් දම්සර 94/2)
දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 112
(චතුර ජයනාත් 53, තරුෂ රවින්ද්‍ර 25/5, කෞෂාන් කෞෂල්‍ය 11/2)
දෙබරවැව ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 52
(චතුර ජයනාත් 30, කෞෂාන් කෞෂල්‍ය 15/4, කාවින්ද පතිරත්න 14/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.