අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හුණුමුල්ල සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 8 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ තෙවිඳු වේවැල්වල ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 99
(මනුජ සෙනුජය 20, තෙවිඳු වේවැල්වල 10/3, ඔකිත මුදුන්කොටුව 05/2)
රාජකීය විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 28 කදී කඩුලු 5 ක් දැවී 159
(සසිඳු මාපා 33, බාතිෂ ආරියපාල නොදැවී 38)
කන්නංගර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 52
(සසිඳු මාපා 02/3, තෙවිඳු වේවැල්වල 11/3, රවිඳු ජයසූරිය 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.