Last Update  :  2026-04-09 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රැජිනියන්ගේ සංග්‍රාමය මැයි 3 දා අම්බලන්ගොඩ ක්‍රීඩාංගණයේදී

රැජිනියන්ගේ සංග්‍රාමය මැයි 3 දා අම්බලන්ගොඩ ක්‍රීඩාංගණයේදී

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත, ඇත්කදුර ජනක් ද සිල්වා සහ උඩුගම රවී ලියනගේ)

අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලය සහ කලුතර බාලිකා විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත රැජිනියන්ගේ සංග්‍රාමය මහා වාර්ෂික ක්‍රිකට්  තරගය සඳහා ගිවිසුම් ගතවීම සහ ඒ සඳහාවූ කුසලානය එළිදැක්වීම පසුගියදා අම්බලන්ගොඩ ,ඌරවත්ත රේන්බෝ හෝටලයේදී පැවැත්විණ.

රැජිනියන්ගේ සංග්‍රාමය බාලිකා ක්‍රිකට් තරගයේ මංගල තරගය මැයි මස 3 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට්  ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටද එහිදී තීරණය විය.

එක් දිනයකට පමණක් සීමාවූ මේ තරගයේදී එක් පිලකට ඉනිමකදී  හිමිවනුයේ ඕවර 30 ක් පමණි.              

රැජිනියන්ගේ සංග්‍රාමය බාලිකා ක්‍රිකට්  තරගය සඳහා ගිවිසුම් ගතවීම සහ කුසලානය හඳුන්වාදීමේ අවස්ථාවට කලුතර බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනි  තුෂිනි වීරකෝන්, අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි රුවන්ති ද සිල්වා යන මහත්මීන් සහ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායිකා විජිනි ප්‍රභා, කලුතර බාලිකා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ  නායිකා මලීෂා පසිදි යන ක්‍රිකට්  ක්‍රීඩිකාවන් බාලිකා දෙවිදුහලේම නියෝජ්‍ය විදුහල්පතිවරු, ක්‍රීඩා ලේකම්වරු, ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරුන්, ක්‍රිකට්  ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.

 


අදහස් (0)

රැජිනියන්ගේ සංග්‍රාමය මැයි 3 දා අම්බලන්ගොඩ ක්‍රීඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.