Last Update  :  2026-03-26 15:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුනිචෙලා-එල්.බී-සම්පත්-ඩිමෝ-සිලුඒටා ජය ලබති

යුනිචෙලා-එල්.බී-සම්පත්-ඩිමෝ-සිලුඒටා ජය ලබති

Nisanka Sandeepani - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග 5 ක් ඊයේ (22 වැනිදා) පැවැති අතර ඉන් ජය ගැනීමට මාස් යුනිචෙලා, එල්.බී.ෆිනෑන්ස්, සම්පත් බැංකු, ඩිමෝ සහ මාස් සිලුඒටා යන කණ්ඩායම් සමත්වූහ.
 
පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා පිල සමත්වූ අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ටීජේ ලංකා පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්විය. 
 
වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හේලීස් පිලට එරෙහිව සම්පත් බැංකු පිල ලකුණු 31 ක ජයක් ලබාගත් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජෝන් කීල්ස් පිල ලකුණු 9 කින් පරාජය කිරීමට ඩිමෝ පිලි සමත්විය.
 
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයට වැස්සෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගයේ ජය පරාජය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තීරණය කෙරුණි. එහිදි කැන්රිච් ෆිනෑන්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මාස් සිලුඒටා පිල සමත්විය.
 
ටිජේ ලංකා පිලේ මිනෝද් භානුක (61) සහ සචිත්‍ර සේරසිංහ (56), එල්.බී.ෆිනෑන්ස් පිලේ සධීර සමරවික්‍රම (නොදැවී 71) සහ කුසල් මෙන්ඩිස් (52), සම්පත් බැංකු පිලේ කෞෂාල් සිල්වා (50) සහ ජීවන් මෙන්ඩිස් (50), ඩිමෝ පිලේ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 58), කැන්රිච් ෆිනෑන්ස් පිලේ ඕෂධ ප්‍රනාන්දු (80) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
 
යුනිචෙලා පිලට කඩුලු 4 ක ජයක් 
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 164
(වනිඳු හසරංග 40, මාලින්ද පුෂ්පකුමාර 24, අෂාන් ප්‍රියංජන් 23, කමිඳු මෙන්ඩිස් 42/4, අනුක් ප්‍රනාන්දු 30/3, දම්මික ප්‍රසාද් 17/2)
 
මාස් යුනිචෙලා - ඕවර 37.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166
(තිලකරත්න ඩිල්ෂාන් 32, නිරෝෂන් දික්වැල්ල 29, කමිඳු මෙන්ඩිස් නොදැවී 27, හසිත බෝයගොඩ නොදැවී 23, චතුරංග ද සිල්වා 32/3)
 
 
එල්.බී.ෆිනෑන්ස් පිලට කඩුලු 6 ක ජයක්
ටීජේ ලංකා - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී ලකුණු 229
(මිනෝද් භානුක 61, සචිත්‍ර සේරසිංහ 56, මිලින්ද සිරිවර්ධන 51, ශිරාන් ප්‍රනාන්දු 38/4, ඉසුරු උදාන 41/2, රජීව වීරසිංහ 46/2)
 
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 36.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 231
(සධීර සමරවික්‍රම නොදැවී 71, කුසල් මෙන්ඩිස් 52, ධංන්ජය ද සිල්ව 37, ඇන්ජලෝ පෙරේරා නොදැවී 28, ශෙහාන් ජයසූරිය 21, ලසිත් කෲස්පුල්ලේ 41/2)
 
 
සම්පත් බැංකු පිලට ලකුණු 31 ජයක්
සම්පත් බැංකුව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 259
(කෞෂාල් සිල්වා 50, ජීවන් මෙන්ඩිස් 50, දසුන් ශානක නොදැවී 35, සමීන් කඳනආරච්චී නොදැවී 31, චරිත බුද්ධික 20, ළහිරු සමරකෝන් 54/4, චානක රුවන්සිරි 42/2, බිනුර ප්‍රනාන්දු 48/2)
 
හේලීස් - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(අවිෂ්ක ප්‍රනාන්දු 36, චානක රුවන්සිරි 37, ඇන්ඩි සොලමන්ස් 33, සඳරුවන් ප්‍රනාන්දු 37, බිනුර ප්‍රනාන්දු 22, දුෂ්මන්ත චමීර 29/2, දසුන් ශානක 66/3)
 
 
ඩිමෝ පිලට ලකුණු 9 ක ජයක්
ඩිමෝ - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 222
(රමේෂ් මෙන්ඩිස් නොදැවී 58, නිපුන් කරුණානායක 37, නිසල තාරක 32, ජෙහාන් ඩැනියල් 57/3, ඉෂාන් ජයරත්න 51/2)
 
ජෝන් කීල්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 213
(මනෝජ් සරත්චන්ද්‍ර 36, රොෂේන් සිල්වා 45, ජෙෆ්රි වැන්ඩසේ 26, ජෙහාන් ඩැනියල් 24, ඉෂාන් ජයරත්න 23, දිමුත් කරුණාරත්න 21, කවිෂ්ක අංජුල 43/4, රමේෂ් මෙන්ඩිස් 23/2)
 
 
සිලුඒටා පිලට කඩුලු 4 ක ජයක් (ඩක්වත් ලුවිස්)
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 34.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153
(ඕෂධ ප්‍රනාන්දු 80, බුද්ධික සංජීව 16/3)
 
මාස් සිලුඒටා - ඕවර 19 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 127
(සංගීත් කුරේ 22, දෙනුවන් රාජකරුණා 22, ශාලින්ද උෂාන් 24, ප්‍රමෝද් මදුෂාන් 18/2)
 

අදහස් (0)

යුනිචෙලා-එල්.බී-සම්පත්-ඩිමෝ-සිලුඒටා ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.