Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැත්වෙන වයස 15 න් පහළ ‘තුන්කු ජෆාර්’ කුසලාන තරගාවලියේ කින්රාරා ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවති තරගයේදී බංග්ලාදේශ වයස 15 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 192 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායම සමත්විය.
ඕවර 40 කදී ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ වයස 15 න් පහළ කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 57 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජනිඳු වත්සල ලකුණු 8 කට කඩුලූ 3 ක් සහ අවිශ්ක තරිඳු ලකුණු 17 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායමේ කමිල් මිශාර පන්දු 109 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය. කමිල් මිශාරට අනගි සහයක් ලබාදුන් රවිඳු ද සිල්වා (61) සහ ෂමාස් මොහොමඞ් (58) අර්ධ ශතක ලබාගනිමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම ගෙන යෑමට සමත්වූහ.
රවිඳු ද සිල්වා (61) සමග එක්ව දෙවන කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කමිල් මිශාර (නොදැවී 109) තෙවැනි කඩුල්ල සදහා ෂමාස් මොහොමඞ් (58) එක්ව ලකුණු 116 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.
ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායම - ඕවර 40 කදී කඩුලූ 3 ක් දැවී 249
(රවිඳු ද සිල්වා 61, කමිල් මිශාර නොදැවී 109, ෂමාස් මොහොමඞ් 58)
බංග්ලාදේශ වයස 15 න් පහළ කණ්ඩායම - ඕවර 13.5 කදී සියලූ දෙනා දැවී 57
(අබ්දුල්ලා ජේසන් 13, අලාම් ෆාහීම් 12, ජනිඳු වත්සල 8/3, අවිශ්ක තරි`දු 17/3, සඳුන් මෙන්ඩිස් 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.