Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේරියන්ස් පිලේ ඕෂධ පිතිකරුවන් අතර පෙරමුණ ගනී

මේරියන්ස් පිලේ ඕෂධ පිතිකරුවන් අතර පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2019 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතිය අවසාන වනවිට හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන ඕෂධ ප්‍රනාන්දු තරග හයකට සහභාගීවී ලකුණු 608 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත. සචිත්‍ර සේරසිංහ මෙවර තරගාවලියේදී  ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් රැස්කර ඇති අතර මූවර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 147 රැස්කරගත් ඔහු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මේවර තරගාවලියේදී මේ වනවිට ද්විත්ව ශතක තුනක් වාර්තාවී ඇති අතර කෞෂාල් සිල්වා (210), පැතුම් නිශ්ශංක (නොදැවී 206) සහ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 206) එම ද්විත්ව ශතක වලට හිමිකම් කියූහ. මීගමුව පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (210) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේය.

කඩුලු 38 බැගින් ලබාගත් මාලින්ද පුෂ්පකුමාර සහ තරිඳු රත්නායක මෙවර තරගාවලියේදී දැනට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති. වමතින් දඟපන්දු යවන සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර තරග 4 කට සහභාගිවී ඇති අතර එහිදී ඉනිම හයකදී කඩුලු 5 බැගින් දවාගත් ඔහු කඩුලු 10 බැගින් අවස්ථා 2 කදී දවාගෙන ඇත. පිටදඟපන්දු යවන එස්.එස්.සී. පිලේ තරිඳු රත්නායක තරග 6 කට සහභාගිවී ඇති අතර එහිදී ඉනිම 3 කදී කඩුලු 5 බැගින් දවාගෙන ඇති අතර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.

තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම සැරසන්ස් පිලට එරෙහිව වාර්තා කිරීමට සී.සී.සී පිල නියෝජනය කරමින් වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර (37/10) සමත්වී තිබේ. ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගමය) සහ චාමිකර එදිරිසිංහ (සී.සී.සී) කඩුලු 9 බැගින් දවාගැනීමට සමත්ව සිටිති. 

තරගයක හොදම පන්දු යැවීම සැරසන්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සී.සී.සී කණ්ඩායම නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර (110/16) සමත්වී ඇත. එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරන තරිඳු රත්නායක කඩුලු 14 ක්ද, රාගම කණ්ඩායමේ අමිල අපෝන්සු කඩුලු 13 ක්ද, ද්‍රවිඩ සංගම් පිලේ ජීවන් මෙන්ඩිස් කඩුලු 12 ක් ද දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර පිළිවෙලින් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

මේ වනවිට තරගාවලියේදී වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර ශතක 3 ක් ලබාගනිමින් පෙරමුණ ගැනීමට හලාවත මේරියන්ස් පිලේ ඕෂධ ප්‍රනාන්දු සමත්විය.

2019/1/06 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.

Most-runs

High-scores

Most-wickets

Best-bowling-inn Best-Bowling-match       


අදහස් (0)

මේරියන්ස් පිලේ ඕෂධ පිතිකරුවන් අතර පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.