අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක ලකුණු 147 ක ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මුදිත ලක්ෂාන් ලකුණු 190 ක් රැස්කළ අතර එම විදුහලේම අභිෂේක් ලියනආරච්චි (68), අමිත දාබරේ (66) සහ චමත් යටවර (නොදැවී 51) අර්ධ ශතක ලබාගත්හ.
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 5 ක් දැවී 463
(මුදිත ලක්ෂාන් 190, අභිෂේක් ලියනආරච්චි 68, අමිත දාබරේ 66, චමත් යටවර නොදැවී 51, ටිරෝන් බාස්කරන් 38, තිළිණ පෙරේරා 139/3)
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 107
(චමිඳු වීරවංශ 37, මනින්ද්‍ර ජයතිලක 20/4, මුදිත ලක්ෂාන් 20/4)
මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 209
(ෂේන් ආදිත්‍ය 64, අමන්ත පෙරේරා 50, නිදුල් මදුභාෂණ 21, මනින්ද්‍ර ජයතිලක 41/4, අමිත දාබරේ 27/2, මුදිත ලක්ෂාන් 73/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.