බෝම්බ බියක් හේතුවෙන් ලන්ඩනයේ ස්ටෑන්ඞ්ස් ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වන ලද ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන්යානයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද සිටි බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
හෙට (24 වැනිදා) ලන්ඩන් නුවර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායකයන්ගේ රාතී‍්‍ර භොජන සංග‍්‍රහයකට සහභාගීවීම සඳහා එංගලන්තය බලා යමින් සිටියදී මහේල ජයවර්ධන මෙම සිදුවීමට මුහුණපා තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් මහේල ඉතා අපහසුතාවයට පත්වී ඇති අතර ඒ මොහොතේ ගුවන්යානය තුළ සිටි මගින් බොහෝ සෙයින් බියට පත්වී ඇතැයිද වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපලින් 20 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන්තොටුපල බලා පිටත්වූ ඒ 330 වර්ගයේ යූ. එල්. 503 දරණ ගුවන්යානය අතර මග ගොඩබස්වා තිබෙන අතර ඊට හේතුවී ඇත්තේ එහි ගමන්ගත් මගියකු තම ගමන් මල්ල තුළ බෝම්බයක් තිබෙන බව පැවසීමයි.
කෙසේ වෙතත් ගුවන් යානය තුළ බෝම්බයක් නොමැති බව එය පරික්ෂාවට ලක් කළ එංගලන්ත පොලිසිය සොයාගත් අතර බෝම්බයක් තිබෙන බවට අසත්‍ය ප‍්‍රකාශයක් කළ පුද්ගලයා පොලිසිය විසින් අත්ටඩංගුවට ගනු ලැබීය.
ඬේලි මිරර් අනුග‍්‍රහයෙනි
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.