Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර අන්තර් පාසල් වි-20 තරග 6-7

මහනුවර අන්තර් පාසල් වි-20 තරග 6-7

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ප්‍රධාන පාසල් හයක් අතර පැවැත්වෙන 20 විස්ස ක්‍රිකට් ශූරතාවලිය මේ මස 6 සහ 7 යන දෙදින තුළදී අස්ගිරිය ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

ධර්මරාජ, කිංග්ස්වුඞ්, ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, ශාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ යන විදුහල්වල සහභාගිත්වයෙන් මෙම 20 විස්ස ක්‍රිකට් ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මහනුවර පාසල් අතර මෙවැනි 20 විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට බව තරග සංවිධායකයෝ කියති. කඳුරට ගුවන් විදුලි සේවය විසින් සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් ශූරතාවලිය සඳහා එහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය විසින් කේ. සී. සී. අභියෝග කුසලාන පිරිනැමේ.

තරගාවලියේ හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සහ හොඳම පන්දු රකින්නාත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාත් තෝරා ඔවුන්ට කුසලාන පිරිනැමීමට නියමිතය.

තරගාවලිය සඳහා සහභාගිවන සියලු කණ්ඩායම් නියෝජනය කරන පාසල් සඳහා එම පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සම වශයෙන් මුදල් පරිත්‍යාග කිරීමට නියමිත බවද සංවිධායකයෝ පවසති.

 


අදහස් (0)

මහනුවර අන්තර් පාසල් වි-20 තරග 6-7

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.