Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධුරංග ධර්මාශෝකයට ජය ගෙනේ

මධුරංග ධර්මාශෝකයට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදවා ලකුණු 18 කින් ජයගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත්විය. මෙම තරගය මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04 වැනිදා) පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහරදුන් ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 112 කට සීමා කිරීමට වේල්ස් කුමර පන්දු යවන්නෝ සමත් වූහ. ශානුක දුලාජ් ශතකයක් ලබාගනිමින් වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දුන්නද පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලකුණු 18 කින් තරගය පරාජය වීමට සිදුවිය.

වේල්ස් කුමර විද්‍යාලයේ තිලාන් නිමේෂ් ලකුණු 93 කට කඩුලූ 10 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ඉනිම දෙකේදීම ලකුණු 39 කට කඩුලූ 9 ක් දවාගත් ධර්මාශෝකයේ තිලාන් මධුරංග තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

 

ධර්මාශෝක විදුහල පළමු ඉනිම  ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 112
(කවීශ් කුමාර 30, රවීන් තරිදු 20, සචිත් පුෂ්පකුමාර 16/2, ජයංග පිරීස් 18/2, තිලාන් නිමේෂ් 24/2, ශානුක දුලාජ් 30/2)

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම  ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 202
(ශානුක දුලාජ් 106, සුචිර ප‍්‍රනාන්දු 31, තිලාන් මධුරංග 10/4, රමේෂ් මෙන්ඩිස් 38/3, හසිදු විදර්ශණ 48/2)

ධර්මාශෝක විදුහල දෙවන ඉනිම  ඕවර 50.3 කදී සියලූ දෙනා දැවී 219
(ඉසුරු චතුරංග 61, රමේෂ් මෙන්ඩිස් 47, කවීශ් කුමාර 36, රවීන් තරිදු 25, තිලාන් නිමේෂ් 69/8)

වේල්ස් කුමර විදුහල දෙවන ඉනිම  ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 111
(ශානුක දුලාජ් 21, ගයාන් චාමර 21, තිලාන් මධුරංග 29/5, රමේෂ් මෙන්ඩිස් 38/3, හසිදු විදර්ශණ 48/2)


අදහස් (0)

මධුරංග ධර්මාශෝකයට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.