‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් මල්ෂාන් ගුණතිලක (52) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ සඳුන් තාරක පානදුර රාජකීය විද්‍යාලයීය පළමු ඉනිමේදී ලකුණු 13 කට කඩුලු 6 ක් ද දෙවැනි ඉනිමේදී හේෂාන් මදුසංක ලකුණු 35 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත්වූහ. පළමු ඉනිමේදී දවාගත් කඩුලු 2 ක් සමගින් හේෂාන් මදුසංක ලකුණු 51 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර පිත්තෙන්ද ලකුණු 44 ක් සිය කණ්ඩායමට එක්කිරීමට සමත්විය.
පානදුර රාජකීය විද්‍යාලයේ දුශාන්ත මදුසංක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පිළියන්දල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(මල්ෂාන් ගුණතිලක 52, හේෂාන් මදුසංක 44, චමෝද් සඳරු 29, දුශාන්ත මදුසංක 33/5, මිලින්ද සංජය 30/3, අකිල ශෙනේෂ් 15/2)
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී ලකුණු 51
(අකිල ශෙනේෂ් 18, සඳුන් තාරක 13/6, හේෂාන් මදුසංක 16/2)
රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30.1 කදී සියලුදෙනා දැවී ලකුණු 63
(හේෂාන් මදුසංක 35/7)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.