Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායමත් විසිවෙයි

පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායමත් විසිවෙයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (23 වැනිදා) පැවැති පිරිමි වෙරළ වොලිබෝල් මූලික වටයේ තෙවැනි තරගයේදී කටාර් රාජ්‍යය හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවිය. පළමු වටයේදී 21-12 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව දෙවැනි වටයේදී 21-11 ක් ලෙස පරාජයට පත්විය.

ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ‘බී’ කාණ්ඩයෙන් තරග කළහ.

කටාර් රාජ්‍යය තරග 3 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ද කසකස්ථානය තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 5 ක් ද හිමිකර ගනිමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව එක් තරගයක් පමණක් පමණක් ජයගත් අතර ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයටත් තරග 3 පරාජයට පත්වූ දකුණු කොරියාව ප්‍රසාද ලකුණු 3 ක් ලබාගනිමන් සිවුවැනි ස්ථානයට පත්විය.

 


අදහස් (0)

පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායමත් විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.