නාමල් පතිරගේ
වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (12) ආරම්භ වූ මංචි ජාතික ශූරතා කුසලාන වොලිබෝල් (සුපර් ලීග්) තරගාවලියේ කාන්තා ඉසව්වේ පළමු ජයග්‍රාහණය ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය.ඒ හයිද්‍රාමණී කණ්ඩායම වට 3 - 1 කට පරාජය කරමිණි.එහි පළමු වටය ලකුණු 25/21 කට ජය ගැනීමට හයිද්‍රාමණී ක්‍රීඩිකාවෝ සමත් වූවත් අනතුරුව පැවැති වට තුනම ලකුණු 25/18 -25/20 - 25/21 ක් ලෙස ජය ගත්තේ ගුවන් හමුද ක්‍රීඩිකාවන් විසිනි.
ඊයේ පිරිමි ඉසව්වේ පැවැති මූලික වටයේ තරගයකදී අති තියුණු සටනකින් පසුව පොලිස් ක්‍රීඩා සමාජය විසින් වට 3-2කින් නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට සමත්විය. එහි ලකුණු තත්ත්වය වූයේ
35-37, 26-24, 21-25, 25-17, 15-9. මෙම තරඟය දෙපිලේ තියුණු සටන හමුවේ පැය දෙකයි විනාඩි 44ක් කාලයක් පුරා ඇදී ගියේය.
කාන්තා ඉසව්වේ දෙවැනි තරඟය ලෙස ඊයේ පැවැත්වුණු මාස් කැසුවලයින් කණ්ඩායම සහ ඔමේගා ලයින් කණ්ඩායම අතර තරඟයේ වට 3 - 0 ක ජය (25/18 - 25/21 - 25/17) හිමි වූයේ ඔමේගා ලයින් කණ්ඩායමටයි.
ඊයේ පැවැති එහි තෙවැනි තරඟයෙන් ගුවන් හමුදා කණ්ඩායමට වට 3 - 0 ක (25/20 - 25/16 - 25/23) පහසු ජයක් අත්වූයේ ප්‍රතිවාදී පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
සුපර් ලීග් තරගාවලියේ පිරිමි ඉසව්වේ මූලික වටයත් ඊයේ ආරම්භ විය.එහිදී වරාය අධිකාරි ක්‍රීඩා සමාජය විසින් වට
3-0 කට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළේය.ලකුණු 31/29 -25/23 - 25/18 ක් පරිදි එහිදී වරාය ක්‍රීඩකයෝ ජය තහවුරු කර ගත්හ.
වතුපිටිවලදී මූලික වටයේ තරග පැවැත්වෙන මෙවර සුපර් ලීග් වොලිබෝල් තරග මාලාව දෙසැම්බර් 1වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබියදී රට තුළ උද්ගතවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් කල් දමනු ලැබීය.
මෙම තරගාවලියේ කාන්තා හා පිරිමි මූලික තරග වට, අවසන් පූර්ව හා තෙවැනි ස්ථාන ඊයේ සිට ලබන අගහරුවාදා (16) දක්වා පැවැත්වේ. අවසන් මහ තරග ලබන ජනවාරි 27 වැනිදා පැවැත්වීමට මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අපේක්ෂාවෙන් පසු වන බව එහි උප සභාපති හා තරග ලේකම් කාන්තසිරි මීගමුවගේ මහතා ලංකාදීප කළ විමසුමකදී පැවැසීය.
අද (16) පිරිමි ඉසව්ව යටතේ පෙරවරු
8 ට විදුලිබල මණ්ඩල පිල හා තරුණ සේවා පිල අතරත් පෙරවරු10 ට යුද හමුදාව හා විශ්ව විද්‍යාල ඒකාබද්ධ පිල අතරත් මූලික වටයේ තවත් තරග දෙකක් පැවැත්වේ.
කාන්තා ඉසව්ව යටතේ මූලික වටයේ තවත් තරග තුනක් වතුපිටිවල ගෘහස්ථ පිටියේදී අද පැවැත්වෙන්නේ දහවල් 12 සිටය.ඒ ගුවන් හමුදා පිල හා ඔමේගා ලයින් පිල අතරත්,මාෂ් කැෂුවලයින් පිල හා හයිද්‍රාමණී පිල අතරත් හා පොලිස් පිල හා නාවික හමුදා පිල අතරත්ය.
දිවයිනේ නමගිය කාන්තා කණ්ඩායම් 7ක් හා පිරිමි කණ්ඩායම් 8ක් මෙම වොලිබෝල් තරග මාලාවට සහභාගිවී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.