Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරු දේවප්‍රිය ඉල්ලා අස්වෙයි

පුහුණුකරු දේවප්‍රිය ඉල්ලා අස්වෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා පෞද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14 වැනිදා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

කැරිබියන් දූපත්හිදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලානයට තවත් මාස 5 ක් තිබියදී දේවප්‍රිය මහතා පුහුණුකරු ධුරයෙන් ඉවත්විය.

2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්වූ හේමන්ත දේවප්‍රිය මහතා වසර 2 ක කාළයක් සඳහා එම තනතුරට පත්කර තිබුණි.

ඔහුගේ පුහුණු කාළය තුළදී තරග 34 කට සහභාගිවී ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන් ජයගැනීමට හැකිවූයේ තරග 7 ක් පමණි.
පසුගිය වසරේ එංගලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී තරග 7 කට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. අවසන් වරට සහභාගීවූ ආසියානූ කුසලාන තරගාවලියේදී තරග 5කට සහභාගීවු ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ක් ජයගත්තද පළමු වරට තායිලන්තය හමුවේ පරාජයට පත්විය.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී තරග සංචාරයක් සඳහා ඉන්දීය කාන්තා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව ඇත. හේමන්ත දේවප්‍රිය මහතා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා අමතක නොකල අතර කාන්කා කණ්ඩායමේ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා නව පුහුණුකරුවකු සේවීම ආරම්භකර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාරගැනීමට පෙර වසර 17 ක කාළයක් පුරා සී.සී.සී, එන්.සී.සී සහ ෆින්ගාරා ක්‍රිකට් ආයතනයන්හී පුහුණුකරුවකු ලෙස දේවප්‍රිය මහතා සේවය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් සාමාජිකත්වය හිමිවීමට පෙර 1980 වසරේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව පළමු පෙළ තරගයකට සහභාගී වෙමින් දේවප්‍රිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේය.

1981 වසරේදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවූ දේවප්‍රිය මහතා තහනම් දකුණු අප්‍රිකානූ සංචාරයක නිරතවීම හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකිරීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය. පළමු පෙළ තරග දිවිය අවසන් කරනවිට හේමන්ත දේවප්‍රිය මහතා තරග 70 කදී ලකුණු 1761 ක් රැස්කිරීමට සමත්විය.

 

 


අදහස් (0)

පුහුණුකරු දේවප්‍රිය ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.