‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) සමාරම්භක සතිය නිමාවන විට ඡන්ද 268 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් විය. ඡන්ද 226 ක් ලබා පවන්ට වඩා ඡන්ද 42 ක් පසුපසින් සිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.
මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලන් ඡන්ද 204 ක් සහ 174 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.
ඔවුන්ට අමතරව මේ වන විට ඡන්ද 100 කට වඩා ලබා සිටින්නේ කොළඹ රාජකීය විදුහලේ පසිඳු සූරියබණ්ඩාර (141) සහ කළුතර සිරි කුරුස විදුහලේ ළහිරු තඹවිට (103) දෙදෙනා පමණි.
මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප්‍රනාන්දු ඡුන්ද 5 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, ප්‍රකාශන වන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 268 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 226 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 204 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 174 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 141 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 103 |
| රවිඳු කොඩිතුවක්කු | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 77 |
| ගිෂාත් පණ්ඩිතරත්න | කොළඹ රාජකීය විදුහල | 74 |
| චරණ නානායක්කාර | තර්ස්ටන් විදුහල | 49 |
| කමිඳු මෙන්ඩිස් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 47 |
| ගීතාල් ප්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 38 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 37 |
| කවිඳු බණ්ඩාර | කොළඹ නාලන්දා විදුහල | 35 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 35 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 33 |
| තුළින දිල්ෂාන් | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 26 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 22 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 19 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 5 |
ඡන්දය ප්‍රකාශකරන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 එෆ්. නානායක්කාර, 395, මඩවල පාර, කටුගස්තොට
2 රොසෑන් අමත්, 40/41, කටුවාවෙල පාර, මහරගම
3 කවීෂ ලියනගේ, 87, පේ‍්‍රමරත්න මාවත, මොරටුමුල්ල, මොරටුව
4 පී. ආටිගල, වාසනා බේක් හවුස්, ඇලපාත
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.