Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු විස්මය අයර්ලන්තයෙන්

පළමු විස්මය අයර්ලන්තයෙන්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ලෝක කුසලන තරගාවලියේ පළමු විස්මය නිර්මාණය කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයේදී කඩුලූ 4 ක පහසු ජයක් අත්කරගැනීමට අයර්ලන්තය සමත් විය.

තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති අයර්ලන්ත කණ්ඩායම අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ තවමත් පැංචෙකු ලෙෂ හැඳින්වේ. එහෙත් බටහිර ඉන්දීය පිල යනු 1975 සහ 1979 වසර දෙකේදීම ලෝක කුසලාන දිනාගත් දැවැන්තයෙකි.

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්ථානයේ සිටින නමුත් අද දිනයේදී ඔවුන් විසින් පරාජය කරන ලද්දේ අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

නවසීලන්තයේ නෙල්සන් නුවරදී පැවැති කොදෙව් පිල සහ අයර්ලන්තය අතර තරගයෙන් පසුව ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහන පහත පරිදි වේ.

ලෝක කුසලාන 2015 - ප්‍රසාද ලකුණු පුවරුව
2015.02.16 දා - කොදෙව් /අයර්ලන්ත තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඕස්ට්‍රෙලියාව 1 1 0 - - 2.22           2.00
නවසීලන්තය 1 1 0 - - 1.96           2.00
ශ්‍රී ලංකාව 1 0 1 - - -1.96                -  
එංගලන්තය 1 0 1 - - -2.22                -  
ඇෆ්ගනිස්ථානය - - - - - -                -  
බංග්ලාදේශය - - - - - -                -  
ස්කොට්ලන්තය - - - - - -                -  
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 1 1 0 - - 1.52           2.00
දකුණු අප්‍රිකාව 1 1 0 - - 1.24           2.00
අයර්ලන්තය 1 1 0 - - 0.618           2.00
සිම්බාබ්වේ 1 0 1 - - -1.24                -  
පාකිස්තානය 1 0 1 - - -1.52                -  
බටහිර ඉන්දීය කොදෙව් 1 0 1 - - -0.618  - 
එක්සත් අරාබි ජනපදය - - - - - -  - 

අදහස් (0)

පළමු විස්මය අයර්ලන්තයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.