Last Update  :  2026-01-12 20:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ බ්ලූම්ෆීල්ඩ් පිල දිනවති
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

පන්දු යවන්නෝ බ්ලූම්ෆීල්ඩ් පිල දිනවති

editorial - 2026 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ නමවැනි සතිය යටතේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ඊයේ (11 වැනිදා) සමත් විය. මෙවර තරගාවලියේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය පොලිස් කණ්ඩායමට ජෙෆ්රි වැන්ඩසේගේ සහ රවිඳු ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 48 කට කඩුලු 3 ක් දවාගත් රවිඳු, දෙවැනි ඉනිමේදී ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ඉනිම් දෙකේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දමාගත්තේය. 

පළමු ඉනිමේදී එක් කඩුල්ලකට සීමා වූ වැන්ඩසේ, දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. රවිඳුට සහ වැන්ඩසේට අමතරව පොලිස් පළමු ඉනිමේදී දුවිඳු තිලකරත්නද ලකුණු 80 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු අවිෂ්ක තරිඳු හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින් පොලිස් දෙවැනි ඉනිමේද වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

දෙවැනි දිනය වූ පෙරේදා (10 වැනිදා) කඩුලු 6 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටි බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම, අවසන් දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 96 ක් එක්කර ගැනීමට සමත් විය. එහිදී පන්දු 71 කට මුහුණදුන් ළහිරු මධුෂංක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කළ අතර මිනෙත් ප්‍රේමරත්න හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් නලින් ප්‍රියදර්ෂන ලකුණු 89 කට කඩුලු 5 ක් දවාගත්තේය. 


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 192 
(රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂන 23, රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32, චාරුක ප්‍රමෝද් 40/4, දිලුම් සුදීර 39/3, නිපුන් ප්‍රේමරත්න 55/2) 

පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 284 
(අවිෂ්ක තරිඳු 116, ප්‍රියමාල් පෙරේරා 32, විෂාද් රන්දික 24, චතුරංග කුමාර 33, නලින් ප්‍රියදර්ශන නොදැවී 20, දුවිඳු තිලකරත්න 80/5, රවිඳු ප්‍රනාන්දු 49/3) 

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 226 
(මිනෙත් ප්‍රේමරත්න 34, රොන් චන්ද්‍රගුප්ත 22, තරිඳු හර්ෂණ 25, අසිත වන්නිනායක 21, රවිඳු ප්‍රනාන්දු 30, ළහිරු මධුෂංක 39, නලින් ප්‍රියදර්ශන 89/5, දිලුම් සුදීර 92/4) 

පොලිස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 121 
(අවිෂ්ක තරිඳු 37, ජෙෆ්රි වැන්ඩසේ 33/5, රවිඳු ප්‍රනාන්දු 52/5) 

 


අදහස් (0)

පන්දු යවන්නෝ බ්ලූම්ෆීල්ඩ් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.