ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අතර එංගලන්තයේදී අද (9 වැනිදා) පැවැති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ඕවර 18 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 56 කීදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 64 ක් රැස්කළ ටොම් ලේතම් නවසීලන්ත පිලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ නායක ජෝන් වෙට්ලින්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 14-0 කට සීමා කිරීමට නවසීලන්ත පන්දුයවන්නෝ සමත්වූහ.
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක (19) සහ මහේල උඩවත්ත (15) සමත්වුවත්, මුලූ ලකුණු සංඛ්‍යාව 43 ක්ව තිබියදී ඔවුන් දෙදෙනාම දැවීයාමෙන් ශි‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.
ශි‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක අශාන් පි‍්‍රයන්ජන්, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියේය. පෙර තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ දිනේෂ් චන්දිමාල්ටද මෙම තරගයේදී රැුස්කරගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි.
කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීයා බවට පත්වූ සීක්කුගේ ප්‍රසන්න, හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 24 ක් රැස්කළේය.
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ඉෂ් සෝධි කඩුලූ 4 ක් සහ ඩග් බ්‍රාස්වෙල් කඩුලූ 3 දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - ඕවර 35 කදී සියලූ දෙනා දැවී 140
(ධනුෂ්ක ගුණතිලක 19, මහේල උඩවත්ත 15, දිනේෂ් චන්දිමාල් 15, අශාන් පි‍්‍රයන්ජන් 20, සීක්කුගේ ප්‍රසන්න 24, ඩග් බ්‍රාස්වෙල් 19/3, ඉෂ් සෝධි 10/4)
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම - ඕවර 18 කදී කඩුලූ 3 ක් දැවී 142
(ටොම් ලේතම් 68, හමීෂ් රදර්ෆෝඞ් 38, ඞීන් බ්රෝනීල් නොදැවී 20, දුෂ්මන්ත චමීර 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.