Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය තවත් ඉහළ නගී

නවසීලන්තය තවත් ඉහළ නගී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්ත පිලට එරෙහිව ඩනෙඩින් නුවරදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත ජයග‍්‍රහණය කඩුලූ 3 කට සීමා වුණත් එහිදී සිය ශූද්ධ ලකුණු වේගය සෑහෙන ප‍්‍රමාණයකින් ඉහළ දමාගැනීමට නවසීලන්ත කී‍්‍රඩකයෝ සමත් වූහ.

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව 1.960 ක් වූ නවසීලන්ත පිලේ ශූද්ධ ලකුණු වේගය අද තරගයෙන් අනතුරුව 2.624 දක්වා ඉහළ ගියේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත පිල  ඕවර 36.2 කදි ලකුණු 142 කට දවාගත් නවසීලන්ත කී‍්‍රඩකයෝ එය හඹා යාමේදී කඩුලූ 7 ක් අහිමි කරගත් නමුත් ඒ වෙනුවෙන් වැයකළේ  ඕවර 24.5 ක් පමණි. එමගින් ශුද්ධ ලකුණු වේගය වැඩිකරගැනීමට නවසීලන්ත පිල සමත් විය.

ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා තරග දෙකක් කී‍්‍රඩා කළ එකම කණ්ඩායම වී සිටින නවසීලන්තය මේ වන විටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.

ලෝක කුසලාන 2015 - ප්‍රසාද ලකුණු පුවරුව
2015.02.17 දා - නවසීලන්ත/ස්කොට්ලන්ත තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 2 2 0 - - 2.624           4.00
ඕස්ට්‍රෙලියාව 1 1 0 - - 2.220           2.00
ශ්‍රී ලංකාව 1 0 1 - - -1.960                -  
එංගලන්තය 1 0 1 - - -2.220                -  
ස්කොට්ලන්තය 1 0 1 - - -3.040                -  
ඇෆ්ගනිස්ථානය - - - - - -                -  
බංග්ලාදේශය - - - - - -                -  
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 1 1 0 - - 1.520           2.00
දකුණු අප්‍රිකාව 1 1 0 - - 1.240           2.00
අයර්ලන්තය 1 1 0 - - 0.618           2.00
බටහිර ඉන්දීය කොදෙව් 1 0 1 - - -0.618  - 
සිම්බාබ්වේ 1 0 1 - - -1.240  - 
පාකිස්තානය 1 0 1 - - -1.520  - 
එක්සත් අරාබි ජනපදය - - - - - -  - 

අදහස් (0)

නවසීලන්තය තවත් ඉහළ නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.