Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ් - තන්වීර් - හීරා - සංඛ අවසන් පූර්ව වටයට

දිනේෂ් - තන්වීර් - හීරා - සංඛ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා, තන්වීර් ආෂික්, හීරා ආෂික් සහ සංඛ අතුකෝරාල යන කී‍්‍රඩකයෝ ඊයේ (19 වැනිදා) සමත්වූහ.

ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී දිනේෂ්කාන්තන් තංගරාජා හමුවේ එම්. ඒ. ශකීර්ද, තන්වීර් ආෂික් හමුවේ අම්රේෂ් ජයවික‍්‍රමද, හීරා ආෂික් හමුවේ දෙල්වර් හුසේන්ද, සංඛ අතුකෝරාළ හමුවේ ඊබ‍්‍රහීම් හුසේන්ද පරාජයට පත්වූහ.

මෙහිදී දිනේෂ්කාන්තන් තංගරාජා, තන්වීර් ආෂික් සහ සංඛ අතුකෝරාළ, ශ්‍රේණිගත කිරීම් වල තමන්ට වඩා පහළින් රැදීසිටින කීඩකයන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර හීරා ආෂික් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රේණිගත කිරීම් වල තමන්ට වඩා ඉහළින් රැදීසිටින කීඩකයකු පරාජය කරමිනි.  

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් තන්වීර් ආෂික් තරග වදින අතර දෙවන අවසන් පූර්ව තරගයේදී සංඛ අතුකෝරාළ සමගින් හීරා ආෂික් තරග වැදීමට නියමිතය.


විවෘත අංශයේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල

 

  • දිනේෂ්කාන්තන් තංගරාජා (ශ්‍රේණිගත කිරීම් වල 1 වැනියා) විසින් තරග වට 3-1 ක් ලෙස එම්. ඒ. ශකීර් (ශ්‍රේණිගත කිරීම් වල 19 වැනියා* පරාජය කරන ලදි. (6/1, 6/1, 6/1)
  • තන්වීර් ආෂික් (ශ්‍රේණිගත කිරීම් වල 4 වැනියා) විසින් තරග වට 3-2 ක් ලෙස අම්රේෂ් ජයවික‍්‍රම (ශ්‍රේණිගත කිරීම් වල 15 වැනියා) පරාජය කරන ලදි. (1/6, 6/4, 3/6, 7/5, 7/5)
  • හීරා ආෂික් විසින් (ශ්‍රේණිගත කිරීම් වල 16 වැනියා) තරග වට 3-0 ක් ලෙස දෙල්වර් හුසේන් (ශ්‍රේණිගත කිරීම් වල 7 වැනියා) පරාජය කරන ලදි. (6/3, 6/2, 6/1)
  • සංඛ අතුකෝරාළ (ශ්‍රේණිගත කිරීම් වල 2 වැනියා) විසින් තරග වට 3-0 ක් ලෙස ඊබ‍්‍රහීම් හුසේන් (ශ්‍රේණිගත කිරීම් වල 24 වැනියා) පරාජය කරන ලදි. (6/2, 6/0, 6/1)

අදහස් (0)

දිනේෂ් - තන්වීර් - හීරා - සංඛ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.